පාකිස්තාන තේරීම් කමිටුවේ වැඩබලන සභාපතිධූරය අෆ්රිඩිට

Date:

පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටුවේ වැඩබලන සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් නායක ශහිඩ් අෆ්රිඩි පත් කර තිබෙනවා.

අබ්දුල් රසාක් හා ඉෆ්ටිකාර් අන්ජුම් ද තේරීම් කමිටුව සදහා නම් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

කළමණාකරන කමිටුවේ සාමාජික හරූන් රෂීඩ් කැදවුම්කරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

මෙතෙක් පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිධූරය දරනු ලැබුවේ මොහමඩ් වසීම් විසිනුයි.

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා පමණක් බලපැවැත්වෙන පරිදි ශහිඩ් අෆ්රිඩිගේ ප්‍රධානීත්වයෙන් යුත් නව තේරීම් කමිටුව පත් කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...