අයර්ලන්තය පරදා ඕමානයට ඓතිහාසික එක්දින ජයක්

Date:

2023 අයි.සී.සී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පළමු පෙරළිය සිදු කරමින් අයර්ලන්තය පරදා කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට ඕමානය අද(19) සමත් වුණා.

තරගාවලියේ 4 වැනි තරගය ලෙස බුලවායෝ හී දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඕමානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 281 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 50 නිමා කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමානය ඉනිම නිමා වීමට පන්දු 11 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

මෙය ඕමාන කණ්ඩායම විසින් අයි.සී.සී පූර්ණ සාමාජික රටකට එරෙහිව ලැබූ පළමු එක්දින තරග ජය ලෙසයි ඉතිහාසගත වුණේ.

පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත ඉනිම වෙනුවෙන් ජෝර්ජ් ඩොක්‍රෙල් නොදැවී ලකුණු 91 ක් ලබා ගත් අතර, හැරී ටෙක්ටර් ලකුණු 52 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Bilal Khan හා Fayyaz Butt කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඕමාන හඹා යාමේ දී Kashyap Prajapati ලකුණු 72 ක් ද, Zeeshan Maqsood ලකුණු 59 ක් ද, Aqib Ilyas ලකුණු 52 ක් ද ලබා ගත්තා. Mohammad Nadeem නොදැවී ලකුණු 46 යි.

පන්දු යැවීමේ දී ජොෂ් ලිට්ල් හා මාර්ක් අඩයර් කඩුලු 2 බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...