Watch : වනිදු හසරංග බිද හෙලූ කඩුලු 6 මෙන්න

Date:

2023 අයි.සී.සී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ අද(19) එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග කඩුලු 6 ක් දවා ගනිමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වුණා.

ඔහුගේ සුපිරි පන්දු යැවීමෙන් සවිමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම බුලවායෝ හි Queens Sports Club ක්‍රීඩාංගනයේ දී පැවැති මෙම තරගයෙන් ලකුණු 175 ක ජයක් වාර්තා කළා.

තරගයේ කාසියේ වාසිය දිනූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් අතර, ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 6 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 355 ක්.

ලකුණු 356 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය එමීර් කණ්ඩායමට පන්දුවාර 39 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 180 ක් පමණයි.

පන්දු යැවීමේ දී එමීර් ඉනිම සම්පූර්ණයෙන් අඩපන කළ වනිදු හසරංග සිය හොදම එක්දින පන්දු යැවීම සටහන් කරමින් කඩුලු 6 ක් දවා ගැනීමට සමත් වුණේ ලකුණු 24 ක් ලබා දෙමින්.

ඔහු මෙම තරගයේ දී සිය 50 වැනි එක්දින කඩුල්ල ද බිද හෙලීම කැපී පෙනුණා.

ඔහු බිද හෙලූ කඩුලු 6 පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...