සෙනුරන්ගෙන් යළිත් සුපිරි පන්දු යැවීමක් ; ශ්‍රී ලංකා A ලකුණු 257/7

Date:

සංචාරක දකුණු අප්‍රිකා A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි සිව්දින ක්‍රිකට් තරගය අද(19) කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ දි ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා A කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් අද දිනයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 66 ක් පමණයි.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා A කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 257 ක්.

ආරම්භක පිතිකරුවන් වූ නිශාන් මදුෂ්ක ලකුණු 33 කට හා ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 27 කට දැවී ගියා.

මිනෝද් භානුක ලකුණු 32 ක් ද, පසිදු සූරියබණ්ඩාර ලකුණු 41 ක් ද ලබා ගනිමින් මැද පෙල ශක්තිමත් කළා. කෙසේ වෙතත්, නායක කමිදු මෙන්ඩිස් එක් ලකුණකට දැවී ගියා.

ලහිරු උදාර ලකුණු 33 ක් රැස් කළ අතර, ලක්ෂිත මනසිංහ ලකුණු 13 යි. රමේෂ් මෙන්ඩිස් නොදැවී ලකුණු 38 ක් හා මිලාන් රත්නායක නොදැවී ලකුණු 29 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

යළිත් සුපිරි පන්දු යැවීමක නිරත වූ Senuran Muthusamy ලකුණු 101 කට කඩුලු 5 ක් බිද හෙලා තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...