අදට වසර 13කට පෙර සුපිරි IPL ශතකයක් සමගින් සනත් පිහිටු වූ අදටත් බිද නොවැටුණු වාර්තා 3

Date:

අදට වසර 13 කට පෙර, එනම් 2008 වසරේ මැයි මස 14 වන දිනය ශ්‍රී ලංකාවේ සිටින IPL රසිකයන්ටනම් කිසි දිනක අමතක කළ හැකි දිනයක් නොවේ.

IPL තරගාවලි ඉතිහාසයටම සදා අමරණීය මතකයක් රැද වූ දිනයක් ලෙස අද දිනය සැලකිය හැකි වන්නේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරියගේ විශීෂ්ඨම 20යි 20 ඉනිම අද වැනි දිනක වාර්තා වීම හේතුවෙන්.

ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු අදියරේ දී සනත් සිය මංගල 20යි 20 ශතකය ලෙසින් මෙම සුවිශේෂී ඉනිම වාර්තා කළේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිවයි.

එම ශතකය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවෙකු වාර්තා කළ පළමු ශතකය ලෙසයි ඉතිහාසයට එක් වුණේ.

එම ශතකයත් සමගින් ජයසූරිය තැබූ වාර්තා කිහිපයක්ම අදටත් බිඳ නොවැටී පැවතීම විශේෂත්වයක්.

2008 වසරේ පැවැති අයි.පී.එල් තරගාවලියේ 36 වන තරගයේ දී යි සනත් ජයසූරිය මෙම සුපිරි ඉනිම ක්‍රීඩා කිරීමට සමත් වුණේ.

අදාළ තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ලබා දුන් ලකුණු 157 ක ඉලක්කය මුම්බායි කණ්ඩායම හඹා ගියේ පන්දුවාර 13.5ක් පමණක් අවසානයේ දී යි.

එහිදී සනත් තම ශතකය වාර්තා කිරීමට වැය කළේ පන්දු 45 ක් පමණයි.

ඉනිමේ 8 වන පන්දුවාරයේදී මුළු ලකුණු පුවරුව 82 ක් ව තිබියදී ජොගින්දර් ශර්මාගේ පන්දුවක් හමුවේ සචින් ටෙන්ඩුල්කාර් ලකුණු 12 කට දැවී ගියා.

ඉන් අනතුරුව පිටියේ එකතු වූ රොබින් උතාපා සහ සනත් ජයසූරිය ලකුණු 76 ක නොබිඳුනු සබදතාවක් දෙවන කඩුල්ලට ගොඩ නැගූ නමුත්, උතාපා නොදැවී රැස් කළේ ලකුණු 16ක් පමණයි.

සනත් ජයසූරිය පන්දු 48 කදී නොදැවී ලකුණු 114 ක් මෙම තරගයේ දී රැස් කළ අතර, එම ඉනිමට හයේ පහරවල් 11 ක් සහ හතරේ පහරවල් 9 ක් ඇතුලත් වුණා.

අයි.පී.එල් ඉතිහාසයේ පිතිකරුවෙකු වාර්තා කළ 7 වැනි වේගවත්ම ශතකය ලෙස ද තවමත් එම ශතකය වාර්තා අතරට එක්ව තිබෙනවා.

ඒ අනුව මෙම තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට කඩුලු 9 ක පහසු ජයග්‍රහණයක් හිමි වුණේ සනත් ජයසූරිය තරගයේ වීරයා ලෙස ද සම්මානයේ පිදුම් ලබමින්.

සනත් ජයසූරීය රැස් කළ මෙම ශතකය වාර්තා වන්නේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවකු අඩුම පන්දු ගනණක් තුළ ලබාගත් ශතකය ලෙසයි.

එමෙන්ම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවෙකු ඉනිමක් තුළ වැඩිම හයේ පහරවල් ගණනක් වාර්තා කළ ඉනිම ද මෙය වීම විශේෂත්වයක්.

IPL තරගාවලියේ ප්‍රබල කණ්ඩායමක් වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව අදටත් වාර්තා වී ඇතී වේගවත්ම ශතකය වන්නේ ද සනත් ජයසූරිය මීට වසර 13 කට පෙර වාර්තා කළ මෙම ශතකයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...