දවාන්ට නායකත්වය – ශ්‍රී ලංකාවට එරෙහි ඉන්දීය සංචිතය චොප්රා නම් කරයි

Date:

එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා නම් කෙරෙණු ඇති බවට අනුමාන කළ හැකි ඉන්දීය සංචිතයක් ක්‍රිකට් විස්තර විචාරක සහ ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක ආකාශ් චොප්රා විසින් නම් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 17 දෙනෙකු නම් කර ඇති අදාළ සංචිතයේ නායකත්වය ඔහු පිරිනමා ඇත්තේ ශිකර් දවාන්ටයි.

ඔහුගේ ආරම්භක පිතිකරු ලෙස ප්‍රිත්වි ෂෝ නම් කර ඇති අතර, සංචිතයේ උප නායකයා ලෙස චොප්රා නම් කර ඇත්තේ හර්ඩික් පාන්ඩ්යා.

සෙසු පිතිකරුවන් ලෙස චොප්රා විසින් සූර්යකුමාර් යාදෙව්, ෂ්රෙයස් අයියර්, ඉෂාන් කිෂන් සංචිතයට ඇතුළත් කර ඇති අතර, හර්ඩික් පාන්ඩ්යාගේ සහෝදරයා වන කෘනල් පාන්ඩ්යා ද සංචිතයට ඇතුළත්.

දීපක් චහාර්, බුවනේෂ්වර් කුමාර්, නව්දීප් සයිනි වේග පන්දු යවන්නන් ලෙස ද, යුස්වේන්ද්‍ර චහෙල්, රාහුල් චහාර් සහ වරුන් චක්‍රවර්තී දග පන්දු යවන්නන් ලෙස ද සංචිතයට ඇතුළත් කළ යුතු බව ඔහුගේ අදහසයි. (සම්පූර්ණ සංචිතය පහතින්)

ආකාෂ් චොප්රා විසින් ෂ්රෙයස් අයියර් මෙම සංචිතයට ඇතුළත් කළ ද, මේ වන විට ඔහු ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් බොහෝ විට එක්දින සහ 20යි 20 තරග 3 බැගින් වන අදාළ ශ්‍රී ලංකා සංචාරය ඔහුට අහිමි විය හැකි බවටයි වාර්තා වන්නේ.

දෙරට අතර පැවැත්වෙන එක්දින තරග තුන ජූලි 13, 16 සහ 19 යන දිනවලදී පැවැත්වීමට නියමිත අතර, 20යි 20 තරග ජූලි 22, 24 සහ 27 යන දිනවලදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

සියලු තරග ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමටයි මේ වන විට අවධානය යොමුව ඇත්තේ.

මෙම තරගාවලිය සදහා විරාට් කෝලි, රෝහිට් ෂර්මා, රිෂාබ් පාන්ට්, කේ.එල්. රාහුල්, ජස්ප්‍රිට් බුම්රා සහ රවීන්ද්‍ර ජඩේජා වැනි ප්‍රබල ඉන්දීය ක්‍රීඩකයින් රැසක් එක් වන්නේ නැහැ.

ඒ, ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර ජූනි 18 වනදා සිට 22 වනදා දක්වා එංගලන්තයේ දී පැවැත්වීමට නියමිතව තිබීම සහ අනතුරුව අගෝස්තු මස මුලදී ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියක් එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිතව තිබීම හේතුවෙන්.

ආකාශ් චොප්රා නම් කළ ඉන්දීය සංචිතය :

Shikhar Dhawan (c), Prithvi Shaw, Shreyas Iyer, Suryakumar Yadav, Ishan Kishan, Hardik Pandya (vc), Krunal Pandya, Yuzvendra Chahal, Deepak Chahar, Bhuvneshwar Kumar, Navdeep Saini, T Natarajan, Rahul Chahar, Varun Chakravarthy, Sanju Samson, Deepak Hooda, Prasidh Krishna.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...