20යි 20 ලෝක කුසලානයට රටවල් 20ක් එක්වන ලකුණු

Date:

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි සදහා සහභාගී වන රටවල් සංඛ්‍යාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් කවුන්සලයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව මේ වන විට රටවල් 16ක් සහභාගී වන අදාළ තරගාවලියට 2024 වසරේ සිට රටවල් 20ක් සම්බන්ධ කර ගැනීමටයි අයි.සී.සීයේ අවධානය යොමුව ඇත්තේ.

එහිදී පළමු වටයේ තරග කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙනු ඇති බවත්, එක් කාණ්ඩයකට රටවල් 5 බැගින් ඇතුළත් කිරීමට කටයුතු කෙරෙනු ඇති බවත් ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළා.

ක්‍රිකට් ක්‍රීඩාව ගෝලීය වශයෙන් ව්‍යාප්ති කිරීමේ තවත් එක් පියවරක් ලෙස මෙලෙස කණ්ඩායම් සංඛ්‍යාව ඉහළ නැංවීමට අවධානය යොමුව ඇති බව සදහන්.

අයි.සී.සී කාන්තා තරගාවලියන් සදහා රටවල් සංඛ්‍යාව ඉහළ නැංවීමට කටයුතු කරන බව ජගත් ක්‍රිකට් කවුන්සය මේ වන විටත් තහවුරු කර තිබෙනවා.

එක්දින (පන්දුවාර 50) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් ගණන ද 10 සිට 14 දක්වා ඉහළ නැංවීමට ඉඩ ඇති බව ද සදහන්.

පසුගිය කාලයේ දී අයි.සී.සීය විසින් එක්දින ලෝක කුසලාන තරගාවලි සදහා සහභාගී කරවාගන්නා රටවල් සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් අවම කිරීමට පියවර ගත්තා.

2007 වසරේ දී කණ්ඩායම් 16ක් එක්දින ලෝක කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කළ අතර, එය 2011 වසරේ දී 14 දක්වා ද, 2019 වසර වන විට 10 දක්වා ද අවම කෙරුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...