Women’s T20 World Cup : දුර්වල පිතිහරඹය හමුවේ ශ්‍රී ලංකාව දෙවැනි තරගයත් පරදියි

Date:

2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ දෙවැනි තරගයෙන් ද ඔවුන් අද(5) පරාජයට පත් වුණා.

ඔස්ට්‍රේලියාව සමග සාජා හී දී පැවැති මෙම තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් වුණේ කඩුලු හයකින්.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 93 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 14.2 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

බෙත් මූනි නොදැවී ලකුණු 43(38) ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී උදේශිකා ප්‍රබෝදනී, ඉනෝකා රණවීර හා සුගන්දිකා කුමාරි කඩුල්ල බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළේ නොදැවී ලකුණු 29(40) ක් ලබා ගත් නිලක්ෂිකා සිල්වා. විශ්මි ගුණරත්න පන්දු 10 කට මුහුණ දුන් නමුත්, කිසිදු ලකුණක් නොලබා දැවී ගිය අතර, නායිකා චමරි අතපත්තු ලබා ගත්තේ ලකුණු 3(12)ක් පමණයි. හර්ෂිතා සමරවික්‍රම ලකුණු 23(35) ක් රැස් කළා. අනුෂ්කා සංජීවනී ලකුණු 16(15) යි.

පන්දු යැවීමේ දී Megan Schutt ලකුණු 12 කට කඩුලු 3 ක් දවා ගත් අතර, Sophie Molineux ලකුණු 20 කඩුලු 2 ක් බිද හෙලුවා.

මීට පෙර මෙවර තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගයෙන් ද ඔවුන් පාකිස්තානය හමුවේ පරාජයට පත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...