WCPL ශූරතාවය බාර්බඩෝස් රෝයල්ස් කණ්ඩායමට

Date:

මෙවර කාන්තා කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට Barbados Royals කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී Guyana Amazon Warriors කාන්තා කණ්ඩායම ලකුණු 8කින් පරාජයට පත් කරමින්.

ට්‍රිනිඩෑඩ්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ Amazon Warriors කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් Royals කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 169 ක් ලබා ගත්තා.

Hayley Matthews පන්දු 59 කින් ලකුණු 82 ක් රැස් කළේ හයේ පහර 2ක් හා හතරේ පහර 10 ක් සමගින්. Rashada Williams ලකුණු 36 යි.

පන්දු යැවීමේ දී Shabnim Ismail ලකුණු 30 කට කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Amazon Warriors කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 161 ක් පමණයි.

Shemaine Campbelle ලකුණු 47 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී Amanda-Jade Wellington ලකුණු 23 කට කඩුලු 4 ක් දවා ගත්තා. Hayley Matthews කඩුලු 2 ක් බිද හෙලුවා.

පසුගිය වසරේ දී ආරම්භ කෙරුණු කාන්තා කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය Barbados Royals කාන්තා කණ්ඩායම දිනා ගත් පළමු අවස්ථාව මෙයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...