හැරිස් රවුෆ් ඉන්දියාවට එරෙහි තරගයෙන් ඉවතට

Date:

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය යටතේ මේ වන විට පැවැත්වෙන ඉන්දු-පාකිස්තාන තරගයේ දී පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක හැරිස් රවුෆ් යළි පන්දු නොයවන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ, ඊයේ(10) ආරම්භ වූ මෙම තරගයේ දී ඔහු පන්දු යවමින් සිටියදී යම් වේදනාවකින් පසු වීම හේතුවෙන්.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය ඊයේ ආරම්භ වූ නමුත්, වර්ෂාව හේතුවෙන් ඊයේ දිනයේ දී ක්‍රියාත්මක වූයේ පන්දුවාර 24.1 ක් පමණයි. එතැන් සිට තරගය අද දිනයේ දී යළි ආරම්භ කෙරුණා.

ඊයේ දිනයේ දී ඔහු සිය දෙවැනි පන්දුවාරය යොමු කරන අතරවාරයේ දී ඔහුට යම් අපහසුතාවයක් දැනී තිබූ බව සදහන්.

ඒ අනුව පූර්වාරක්ෂක පියවරක් ලෙස ඔහුව මෙම තරගයේ දී යළි පන්දු යැවීම සදහා යොදා නොගැනීමටයි පියවර ගෙන ඇත්තේ.

හැරිස් රවුෆ් වෛද්‍ය පරීක්ෂණයක් සදහා ද යොමු කර තිබූ අතර, එහිදී ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව අනාවරණය වී තිබෙනවා.

පාකිස්තාන කණ්ඩායමේ වෛද්‍ය කමිටුවේ අධීක්ෂණය යටතේ ඔහු තවදුරටත් පසුවන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...