Watch : TATA මෝටර් රථයේ විදුරුවක් කැඩෙන්නම Ellyse Perry ගහපු සුපිරි හයේ පහර

Date:

2024 කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයේ දී පන්දුවක් වැදීම නිසා තරගාවලියේ අනුග්‍රාහක සමාගමක් වන TATA සමාගමේ ප්‍රදර්ශන රථයක වීදුරුවක් කැඩී යාම ඊයේ රාත්‍රියේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදු වීමක් බවට පත් වුණා.

මෙම තරගය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා යූපී වොරියර්ස් කණ්ඩායම අතර පැවැති අතර, තරගයෙන් ලකුණු 23 ක ජයක් වාර්තා කළේ බැංගලෝර් කණ්ඩායමයි.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ Ellyse Perry විසින් එල්ල කළ දැවැන්ත හයේ පහරකින් පසුව පන්දුව, ක්‍රීඩාංගනයේ ප්‍රදර්ශනය සදහා නවතා තිබූ TATA Punch EV රථයක වැදීමෙන් පසුවයි එම රථයේ වීදුරුවක් කැඩී ගියේ. (දර්ශන කිහිපයක් පහතින්)

මෙම තරගයේ දී Perry පන්දු 37 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 58 ක්. ඒ, හයේ පහර 4 ක් හා හතරේ පහර 4 ක් සමගින්. ස්ම්රිති මන්දනා පන්දු 50 කින් ලකුණු 80 ක් ලබා ගත්තා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ RCB කණ්ඩායම ලබා ගත් ලකුණු සංඛ්‍යාව කඩුලු 3ක් දැවී ලකුණු 198 ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ යූපී වොරියර්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 175 ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...