Watch : තරගයේ පළමු පන්දුවෙන්ම හේල්ස් අන්ත අසරණ කළ ආරම්භක පිතිකරුවාගේ සුපිරි පන්දුව

Date:

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ 20 වැනි තරගයේ විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩාමේ ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස් පළමු පන්දුවෙන්ම දවා ගැනීමට පෙෂාවර් සල්මි කණ්ඩායමේ සයීම් අයුබ් සමත් වුණා.

පෙෂාවර් කණ්ඩායමේ ආරම්භක පිතිකරු වන අයුබ් නම් දැරූ පන්දු යවන්නෙකු නොවන (Part-time) අතර, ඔහු විසින් යොමු කළ සුපිරි කැරම් පන්දුවක් හමුවේයි ඇලෙක්ස් හේල්ස් දැවී ගියේ. (දර්ශන පහතින්)

රාවල්පින්ඩි හී දී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් යුනයිටඩ් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 196 ක් ලබා ගත්තා.

නායක ශඩාබ් ඛාන් පන්දු 51 කින් ලකුණු 80ක් රැස් කිරීම කැපී පෙනුණා. පන්දු යැවීමේ දී සයීම් අයුබ් ලකුණු 15 කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පෙෂාවර් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 167 ක් පමණයි.

ආමර් ජමාල් ලකුණු 87 ක් ලබා ගත්තේ පන්දු 49 කින්. පන්දු යැවීමේ දී ශඩාබ් ඛාන් ලකුණු 41 කට කඩුලු 3ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...