Watch : IPL 2023 තරගාවලියේ දෙවැනි දැවැන්තම හයේ පහර බට්ලර්ගේ පිත්තෙන්

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දැවැන්තම හයේ පහර එල්ල කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ජොස් බට්ලර් අද(19) සමත් වුණා.

ඒ, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව අද රාත්‍රියේ ආරම්භ වූ තරගාවලියේ 26 වැනි තරගයේ දී යි.

ජයිපූර්හී දී ආරම්භ වූ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 154 ක් රැස් කළා.

රාජස්ථාන් කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී යි බට්ලර් මෙවර තරගාවලියේ දී පිතිකරුවෙකු එල්ල කළ දෙවැනි දිගම හයේ පහර එල්ල කළේ.

ඉනිමේ 5 වැනි පන්දුවාරය යොමු කළ Yudhvir Singh ට එරෙහිව ඔහු එම හයේ පහර එල්ල කළා. ඒ, එම පන්දුවාරයේ සිව්වැනි පන්දුවේ දී යි.

එම හයේ පහරේ දිග මීටර් 112 ක් ලෙස සටහන් වුණා. මෙවර තරගාවලියේ දැවැන්තම හයේ පහර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ආරම්භක පිතිකරු හා නායක ෆෆ් ඩු ප්ලෙසිස් විසින් එල්ල කර ඇති අතර, එම හයේ පහරේ දිග මීටර් 115 ක්.

බට්ලර් එල්ල කළ හයේ පහරේ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...