මේයර්ස්ගේ 51 හා අවේශ්ගේ කඩුලු 3 හමුවේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට ලක්නව් පහර දෙයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 26 වැනි තරගයෙන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරදා ලකුණු 10 ක තියුණු ජයක් වාර්තා කිරීමට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අද(19) සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 155 ක ඉලක්කයක් හඹා ගිය රාජස්ථාන් කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 144 ක් පමණයි.

යශස්වි ජයිස්වාල් ලකුණු 44 ක් හා ජොස් බට්ලර් ලකුණු 40 ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේ පළමු කඩුල්ලට ලකුණු 87 ක සම්බන්ධතාවයක් ගොඩ නගමින්.

නායක සංජු සැම්සන් ලකුණු දෙකකට දුවද්දී දැවී යාම තරගයේ තීරණයට බෙහෙවින් බලපානු ලැබුවා. රාජස්තාන් බලාපොරොත්තු හීන කරමින් ශිම්රන් හෙට්මයර් ලකුණු 2 කට දැවී ගියා. දෙව්දත් පඩික්කල් ලකුණු 26 ක් හා රියාන් පරාග් නොදැවී ලකුණු 15 ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ නමුත්, එය සාර්ථක වූයේ නැහැ.

පන්දු යැවීමේ දී අවේශ් ඛාන් ලකුණු 25 කට කඩුලු 3 ක් හා මර්කස් ස්ටොයිනිස් ලකුණු 28 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

ජයිපූර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම ලකුණු 154 ක් රැස් කළේ කඩුලු 7ක් දැවී සිටියදීයි.

ආරම්භක පිතිකරුවන් වූ ක්යල් මේයර්ස් ලකුණු 51 ක් හා කේ එල් රාහුල් ලකුණු 39 ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා අතර ගොඩ නැගුණු සබදතාවය ලකුණු 82 ක්. අයුෂ් බදෝනි එක් ලකුණකට හා දීපක් හූදා ලකුණු දෙකකට දැවී ගියේ ලක්නව් මැද පෙල අස්ථාවර කරමින්.

කෙසේ වෙතත්, නිකලස් පූරාන් ලකුණු 29 ක් හා මර්කස් ස්ටොයිනිස් ලකුණු 21 රැස් කරමින් ලක්නව් පිල සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 23 කට කඩුලු 2 ක් දවා ගත් අතර, ට්‍රෙන්ට් බෝල්ට්, සන්දීප් ෂර්මා හා ජේසන් හෝල්ඩර් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...