Watch : Dilscoop සමගින් ඩිල්ෂාන් ගහපු සුපිරි ඉනිම මෙන්න

Date:

ඇමෙරිකාවේ පැවැත්වෙන US Masters T10 ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති 14 වැනි තරගයේ දී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කිරීමට New York Warriors කණ්ඩායමේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් සමත් වුණා.

මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ California Knights කණ්ඩායමයි.

ෆ්ලොරිඩාහි Lauderhill පැවැති මෙම තරගයෙන් Knights කණ්ඩායම ලකුණු 15 ක ජයක් හිමි කර ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Knights කණ්ඩායම පන්දුවාර 10 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 106 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Warriors කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුලු 3 ක් දැවී ලකුණු 91 ක් පමණයි.

New York Warriors කණ්ඩායම වෙනුවෙන් ඩිල්ෂාන් පන්දු 27 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 43 ක්. හයේ පහර 3ක් හා හතරේ පහර 3ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

මෙම තරගයේ දී Dilscoop පහරක් ද එල්ල කරමින් ඩිල්ෂාන් එක් හයේ පහරක් වාර්තා කිරීම කැපී පෙනුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...