කොදෙව්වන්ට එරෙහි පුහුණු තරගයට ශ්‍රී ලංකා යොවුන් සංචිතය නම් කෙරේ

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පුහුණු එක්දින ක්‍රිකට් තරගය සදහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වයස අවුරුදු 19න් පහළ සංචිතය නම් කර තිබෙනවා.

හිරාන් ජයසුන්දර විසින් නායකත්වය දරන මෙම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

පුහුණු එක්දින තරගය හෙට(25) කොළඹ CCC ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

කොදෙව් යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී ඔවුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට එරෙහිව එක්දින තරග 3ක් හා සිව්දින තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

එක්දින තරගාවලිය අගෝස්තු 27, 30 හා සැප්තැම්බර් 1 යන දිනවලදී දඹුල්ල ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

පළමු සිව්දින තරගය ආරම්භ වන්නේ සැප්තැම්බර් 5 වැනිදායි. දෙවැනි සිව්දින තරගය සැප්තැම්බර් 12 වැනිදා ආරම්භ වනවා.

සිව්දින තරග දෙකම පැවැත්වීමට නියමිතව ඇත්තේ ද දඹුල්ල ක්‍රීඩාංගනයේ දී යි.

පුහුණු තරගය සදහා වන සංචිතය –

1) Vishen Halambage
2) Hiruna Kapurubandara
3) Vimath Dinsara
4) Supun Waduge
5) Hiran Jayasundara
6) Gayana Weerasinghe
7) Praveen Manisha
8) Geethika De Silva
9) Dinura Abeywickremesinghe
10) Tharana Wimaladarma
11) Dinuka Thennakoon
12) Yuri Koththigoda
13) Thisara Ekanayake
14) Janith Fernando
15) Manula Kularatne

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...