Watch : හොදම උඩ පන්දුව රැක ගත්තේ චමීර ද, කමිදු ද?

Date:

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තවත් විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට ඊයේ(29) හැකි වුණා.

තරගාවලියේ 48 වැනි තරගයේදී මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ දිල්ලි කැපිටල්ස් ක්‍රීඩක දුෂ්මන්ත චමීර විසින්.

පළමුව පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් ඉනිමේ 8 වැනි කඩුල්ල ලෙස අනුකුල් රෝයි දවා ගැනීම සදහා චමීර මෙම අති විශිෂ්ඨ උඩ පන්දුව රැක ගත්තා.

මීට දින කිහිපයට පෙර කමිදු මෙන්ඩිස් ද සුපිරි උඩ පන්දුවක් රැක ගත් පසුබිමකයි චමීර ද මෙලෙස අනර්ඝ උඩ පන්දුවක් රැක ගත්තේ. (එම උඩ පන්දු දෙකේ දර්ශන කිහිපයක් පහතින්)

කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 204 ක් මෙම තරගයේදී ලබා ගත්තා. එහිදී චමීර පන්දුවාර 3 කදී එක් කඩුල්ලක් බිද හෙලුවේ ලකුණු 46 ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි පිලට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 190 ක් පමණයි. ඒ අනුව තරගයෙන් කොල්කටා කණ්ඩායමට ලකුණු 14 ක ජයක් හිමි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...