14 හැවිරිදි සූර්යවංශිගේ වාර්තාගත ශතකය හමුවේ රාජස්ථානය පන්දුවාර 15.5 කින් 210 ක් හඹා යයි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 47 වැනි තරගයේදී වාර්තාගත ශතකයක් රැස් කරමින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට සුපිරි ජයක් හිමි කර දීමට ආරම්භක පිතිකරු 14 හැවිරිදි විභව් සූර්යවංශිට අද(28) හැකි වුණා.

ජායිපූර්හීදී පැවැති තරගයේදී ඔවුන් හමුවේ කඩුලු අටකින් පරාජයට පත් වූයේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 209 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල්ස් පිතිකරුවන් පන්දුවාර 15.5 ක් පමණක් අවසානයේදී කඩුලු දෙකක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීම විශේෂත්වයක්.

සූර්යවංශි පන්දු 38 කින් ලකුණු 101 ක් ලබා ගත්තේ හයේ පහර 11 ක් හා හතරේ පහර 7 ක් සමගින්. ඔහු සිය ශතකය පන්දු 35 කින් වාර්තා කළ අතර, එය අයි.පී.එල් ඉතිහාසයේදී වාර්තා වූ දෙවැනි වේගවත්ම ශතකයයි. (සූර්යවංශි එල්ල කළ හයේ පහර 11 ට අදාළ දර්ශන පහතින්)

එමෙන්ම අයි.පී.එල් ඉතිහාසයේදී ඉන්දීය පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම ශතකය ලෙස ද මෙම ශතකය වාර්තා අතරට එක් වුණා.

අයි.පී.එල් තරගයකදී ශතකයක් වාර්තා කළ ලාබාලතම පිතිකරු ලෙස ද සූර්යවංශි සිය නම ඉතිහාසයට එකතු කළා.

යශස්වි ජයිස්වල් නොදැවී ලකුණු 70(40) ක් හා නායක රියාන් පරාග් නොදැවී ලකුණු 32(15) ක් ලබා ගත්තා. ජයිස්වාල් හා සූර්යවංශි පළමු කඩුල්ලට පන්දුවාර 11.5 කදී ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 166 ක්

පන්දු යැවීමේදී ප්‍රසිද් ක්‍රිෂ්නා හා රෂීඩ් ඛාන් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් ටයිටන්ස් පිල වෙනුවෙන් ෂුබ්මන් ගිල් ලකුණු 84(50) ක් ලබා ගත් අතර, ජොස් බට්ලර් නොදැවී ලකුණු 50(26)යි.

පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ ලකුණු 35 කට කඩුලු දෙකක් දවා ගත්තා. වනිදු හසරංග ලකුණු 39 ක් ලබා දුන් නමුත් ඔහුට කිසිදු කඩුල්ලක් දවා ගැනීමට හැකි වූයේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...