Watch : හෙඩ් දවා ගැනීමට ධනංජය රැක ගත් සුපිරි උඩ පන්දුව

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.

ගාලු ක්‍රීඩාංගනයට බලපෑ අධික වර්ෂාව හා තද සුළං සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් අද දිනය සදහා තරගය ආරම්භ කිරීම හෝරා කිහිපයක් ප්‍රමාද වුණා.

පස්වරු 1.45ට තරගය අද දිනයට ආරම්භ කෙරුණු අතර, තේ පානය සදහා තරගය පස්වරු 3.45ට නතර කිරීමට නියමිතයි.

අනතුරුව පස්වරු 4.05 සිට පස්වරු 6 දක්වා තරගය ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා.

අද දිනයේ දී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත පන්දුවාර සංඛ්‍යාව 59ක්.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 3ක් දැවී ලකුණු 98ක් ලබා සිටියා.

ඉනිමේ 4 වැනි කඩුල්ල ලෙස ට්‍රැවිස් හෙඩ් ලකුණු 6කට දවා ගැනීමට ධනංජය ද සිල්වා සමත් වුණා.

ඔහු යොමු කළ පන්දුවකට ඔහු වෙතම පෙරලා ඇදී ආ උඩ පන්දුවක් විශිෂ්ඨ ලෙස රැක ගනිමිනුයි ධනංජය එම කඩුල්ල දවා ගත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...