Watch : හෙට්මයර්ගේ කඩුල්ල හසරංග දවා ගත් හැටි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී යළිත් සුවිශේෂී පන්දු යැවීමක නිරත වීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්(RCB) කණ්ඩායමේ ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග අද(26) සමත් වුණා.

ඒ, මෙවර අයි පී එල් තරඟාවලියේ 39 වැනි තරඟයේ දී යි.

පූනේ හී දී ආරම්භ වූ මෙම තරඟයේ දී RCB කණ්ඩායමේ ප්‍රතිවාදීන් වුණේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව රාජස්ථාන් කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව පිටියට පිවිසි රාජස්ථාන් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 8ක් දැවී ලකුණු 144ක් ලබා ගනිමින්.

රියාන් පරාග් නොදැවී ලකුණු 56 ක් ලබා ගනිමින් රාජස්ථාන් ඉනිම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

සුපිරි පන්දු යැවීමක යළිත් නිරත වූ වනිදු හසරංග සිය පන්දුවාර 4 තුළදී ලකුණු 23ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දී කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුණා.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ නායක සංජු සැම්සන් සහ ශිම්රන් හෙට්මයර්.

සැම්සන් ලකුණු 27 කටත්, හෙට්මයර් ලකුණු 3කටත් දැවී ගියා.

හසරංග දවා ගත් දෙවැනි කඩුල්ල පහතින් නරඹන්න – (පළමු කඩුල්ල නැරඹීමට මෙතන ක්ලික් කරන්න)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...