Watch : හසරංගගේ ගුග්ලි පන්දුවලට පොලාඩ් හා බේබි AB ගොදුරු වූ හැටි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18 වැනි තරගය අද(9) රාත්‍රියේ පූනේ හී දී ආරම්භ වුණා.

ඒ, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් පිල පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව මුම්බායි පිලට ලබා දුන්නා.

ඒ අනුව මුම්බායි ඉනිම සුපුරුදු පරිදි ආරම්භ කළේ නායක රෝහිට් ෂර්මා හා ඉෂාන් කිෂන්.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 50ක සබදතාවයක් ගොඩ නැගුණා.

ෂර්මා ලකුණු 26කට දැවී යාමෙන් පසුව පිටියට පිවිසියේ ‘බේබි ඒ.බී’ නමින් ප්‍රසිද්ධියට පත් දකුණු අප්‍රිකා යොවුන් පිතිකරු ඩිවෝල්ඩ් බ්‍රේවිස්.

ඔහු ලකුණු 8කට දවා ගැනීමට වනිදු හසරංග සමත් වුණා.

හසරංග යොමු කළ ගුග්ලි පන්දුවක් නිසි අයුරින් හදුනා නොගැනීම හේතුවෙන් බ්‍රේවිස් දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින්.

මෙම තරගයේ දී වනිදු හසරංග විසින් කයිරන් පොලාඩ්ගේ කඩුල්ල ද දවා ගැනීමට සමත් වුණේ අනර්ඝ ගුග්ලි පන්දුවක් යොමු කරමින්.

පොලාඩ් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ඔහු දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙන්.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...