තීක්ෂණට IPL වරම් හිමි වෙද්දී චෙන්නායි පිට පිට හතර වැනි තරගයත් පරදියි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ක්‍රීඩා කළ සිව්වැනි තරගයෙන් ද පරාජයට පත් වීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට අද(9) සිදු වුණා.

ඒ, සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමග පැවැති මෙවර අයි.පී.එල් තරගාවලියේ 17 වැනි තරගයෙන් චෙන්නායි පිල කඩුලු 8ක පරාජයක් ලැබීමත් සමගයි.

මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ හයිදරාබාද් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි චෙන්නායි පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 154ක් රැස් කළා.

මොයීන් අලී පන්දු 35කින් ලකුණු 48 ක් ලබා ගත්තා. අම්බටි රයිදු ලකුණු 27ක් හා රවීන්ද්‍ර ජඩේජා ලකුණු 23ක් රැස් කළා.

පන්දු යැවීමේ දී වොෂින්ටන් සුන්දර් හා ටී නටරාජන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් කණ්ඩායම පන්දුවාර 17.4ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

අභිෂෙක් ෂර්මා පන්දු 50කින් ලකුණු 75 ක් ලබා ගත්තේ හයේ පහර 3ක් හා හතරේ පහර 5ක් සමගින්.

රාහුල් ත්‍රිපාති නොදැවී ලකුණු 39(15)ක් හා නායක කේන් විලියම්සන් ලකුණු 32(40)ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී Mukesh Choudhary හා ඩ්වේයන් බ්‍රාවෝ කඩුල්ල බැගින් දවා ගත්තා.

චෙන්නායි පිල නියෝජනය කරමින් මෙම තරගයේ දී අයි.පී.එල් වරම් දිනූ මහීෂ් තීක්ෂණ සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 31ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දුන් නමුත්, කඩුලු දවා ගැනීමට ඔහුට හැකි වූයේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...