Watch : හර්ඩික්ට විරෝධය පෑ මුම්බායි ප්‍රේක්ෂකයින්ම හර්ඩික්ට දැක් වූ සුපිරි ප්‍රතිචාරය මෙන්න

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක ශූරතාවය ජය ගත් ඉන්දීය කණ්ඩායම ඇගයීම වෙනුවෙන් විශේෂ උත්සවයක් ඊයේ(4) රාත්‍රියේ දී මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා.

වන්කඩේ ක්‍රීඩාංගනයට ඉන්දීය කණ්ඩායම පෙළහරකින් රැගෙන ඒම සිදු වූ අතර, එහිදී මුම්බායි නුවර මග දෙපසට අති දැවැන්ත ක්‍රීඩාලෝලීන් පිරිසක් එක් රැස්ව සිටිනු දැක ගත හැකි වුණා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ජයග්‍රාහී කණ්ඩායමට ලබා දීමට මීට පෙර පොරොන්දු වූ ඉන්දීය රුපියල් කෝටි 125 ක මූල්‍ය ත්‍යාගය ද මෙම උත්සව අවස්ථාවේ දී පිරිනමනු ලැබුවා.

නායක රෝහිත් ෂර්මා, විරාත් කෝලි, පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් හා ජස්ප්‍රිට් බුම්රා මෙම උත්සව අවස්ථාවේ දී අදහස් පල කරමින් පැමිණ සිටි දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන් ආමන්ත්‍රණය කළා.

මෙම උත්සවයට පැමිණි ක්‍රීඩාලෝලීන් මුම්බායි ඉන්දියන්ස් නායක හර්ඩික් පාන්ඩ්යා වෙනුවෙන් ප්‍රීතිඝෝෂා පැවැත්වීම ද කැපී පෙනුණ සිදුවීමක්. ඒ, නිමා වූ අයි.පී.එල් තරගාවලියේ දී මුම්බායි ප්‍රේක්ෂකයින් ඔහුට එරෙහිව දැඩි විරෝධයක් පල කළ පසුබිමකයි. (දර්ශන කිහිපයක් පහතින්)

කොදෙව් දූපත්වලට බලපෑ සුළිකුණාටුවක් හේතුවෙන් ඉන්දීය කණ්ඩායම යළි ඉන්දියාවට පැමිණීම දින කිහිපයකින් ප්‍රමාද වූ අතර, ඊයේ පෙරවරු කාලයේ දී යි ඔවුන් දිල්ලි නුවරට ළගා වුණේ.

අනතුරුව දිල්ලි හී දී ඔවුන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ද මුණ ගැසුණා. ඉන් අනතුරුවයි ඉන්දීය කණ්ඩායම මුම්බායි නුවරට පැමිණියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...