තුන්කොන් තරගාවලියක් සහිත 2024-25 තරග වාරයේ ජාත්‍යන්තර තරග කාලසටහන පාකිස්තානය නිවේදනය කරයි

Date:

2024-25 තරග වාරයට අදාළ ජාත්‍යන්තර තරග කාලසටහන පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් අද(5) නිවේදනය කළා.

මෙම තරග කාලසටහන අනුව අගෝස්තු මාසයේ සිට ජනවාරි මාසය දක්වා වන කාලයේ දී පාකිස්තාන කණ්ඩායම ටෙස්ට් තරග 7 ක් ක්‍රීඩා කිරීමට නියමිතයි. එහිදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ බංග්ලාදේශය, එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් දේශයයි.

පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිත 2025 ශූරයින්ගේ කුසලාන තරගාවලිය පෙබරවාරි 19 වැනිදා සිට මාර්තු 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇති බව ද එරට ක්‍රිකට ආයතනය අද තහවුරු කළා.

බංග්ලාදේශයට එරෙහි තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය අගෝස්තු 21 වැනිදා ආරම්භ වන අතර, එංගලන්තයට එරෙහි තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලිය ඔක්තෝබර් 7 වැනිදා ආරම්භ වීමට නියමිතයි. කොදෙව්වන්ට එරෙහි තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ආරම්භ වන්නේ ජනවාරි 16 වැනිදායි.

අනතුරුව පෙබරවාරි 8 වැනිදා සිට 14 වැනිදා දක්වා පාකිස්තානය, නවසීලන්තය හා දකුණු අප්‍රිකාව ක්‍රීඩා කරන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් ද මුල්තාන් හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Pakistan’s home season 2024-25

Tests against Bangladesh

  • Aug 21-25: First Test, Rawalpindi
  • Aug 30-Sep 3: Second Test, Karachi

Tests against England

  • Oct 7-11: First Test, Multan
  • Oct 15-19: Second Test, Karachi
  • Oct 24-28: Third Test, Rawalpindi

Tests against West Indies

  • Jan 16-20, 2025: First Test, Karachi
  • Jan 24-28: Second Test, Multan

ODI tri-series vs NZ and SA

  • Feb 8: Pakistan v New Zealand, Multan
  • Feb 10: New Zealand v South Africa, Multan
  • Feb 12: Pakistan v South Africa, Multan
  • Feb 14: Final, Multan

Champions Trophy

  • Feb 19- Mar 9

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...