Watch : සොහයිල් ඛාන් පිට පිට පන්දු 4 කින් කඩුලු 4 ක් දවා ගත් හැටි

Date:

US Masters T10 තරගාවලියේ දී පිට පිට පන්දු 4 කින් කඩුලු 4 ක් දවා ගැනීමට New York Warriors කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක සොහයිල් ඛාන් සමත් වුණා.

තරගාවලියේ 12 වැනි තරගයේ දී ඔහු මෙම දක්ෂතාවය දැක් වූයේ Atlanta Riders කණ්ඩායමට එරෙහිවයි.

ෆ්ලොරිඩාහි Lauderhill හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් Riders කණ්ඩායම පන්දුවාර 10 අවසානයේ කඩුලුු 6 ක් දැවී ලකුණු 103 ක් රැස් කළා.

ඉනිමේ අවසන් පන්දුවාරයේ පළමු පන්දු 4 තුළ දී යි සොහයිල් ඛාන් පිට පිට කඩුලු 4 ක් දවා ගත්තේ.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ Hamilton Masakadza, Hammad Azam, Grant Elliott හා Harmeet Singh යන පිතිකරුවන්.

සොහයිල් ඛාන් මෙම තරගයේ දී කඩුලු 4 ක් බිද හෙලුවේ පන්දුවාර දෙක තුළ දී ලකුණු 15 ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ New York Warriors කණ්ඩායම ඉනිමේ අවසන් පන්දුවේ දී කඩුලු 4 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීමට ලකුණු 22 ක් අවශ්‍ය වූ පසුබිමක Jonathan Carter හා Misbah-ul-Haq හයේ පහර 4 ක් එල්ල කරමින් තරගයේ ජය සිය කණ්ඩායමට තහවුරු කර දුන්නා.

සොහයිල් ඛාන් පිට පිට දවා ගත් කඩුලු 4 පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...