ලෝක කුසලානයේ පුහුණු තරග කාලසටහන නිවේදනය කෙරේ

Date:

ඔක්තෝබර් 5 වැනිදා ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිත 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග කාලසටහන ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද(23) නිවේදනය කළා.

සෑම කණ්ඩායමක්ම ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර පුහුණු තරග දෙක බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඉන්දියාවේ ක්‍රීඩාංගන තුනකදී පුහුණු තරග පැවැත්වෙන බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

ඒ අනුව ගුවහාටි, හයිදරාබාද් හා තිරුවානන්තපුරම් හී දී පුහුණු තරග සැප්තැම්බර් 29 වැනිදා සිට ඔක්තෝබර් 3 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පුහුණු තරග පැවැත්වෙන පළමු දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ද සිය පළමු පුහුණු තරගයට එක්වන්නේ බංග්ලාදේශයට එරෙහිවයි.

සත්කාරක ඉන්දීය කණ්ඩායම සිය පළමු පුහුණු තරගයට ක්‍රීඩා කරන්නේ එංගලන්තයට එරෙහිව සැප්තැම්බර් 30 වැනිදායි.

පුහුණු තරග යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන දෙවැනි හා අවසන් තරගය ඇෆ්ඝනිස්තානයට එරෙහිව ඔක්තෝබර් 3 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පුහුණු තරග දෙකම පැවැත්වෙන්නේ ගුවහාටි හී දී යි.

World Cup warm-up fixtures:

  • Friday 29 September

Bangladesh v Sri Lanka, Barsapara Cricket Stadium, Guwahati
South Africa v Afghanistan, Greenfield International Stadium, Thiruvananthapuram
New Zealand v Pakistan, Rajiv Gandhi International Stadium, Hyderabad

  • Saturday 30 September

India v England, Barsapara Cricket Stadium, Guwahati
Australia v Netherlands, Greenfield International Stadium, Thiruvananthapuram

  • Monday 2 October

England v Bangladesh, Barsapara Cricket Stadium, Guwahati
New Zealand v South Africa, Greenfield International Stadium, Thiruvananthapuram

  • Tuesday 3 October

Afghanistan v Sri Lanka, Barsapara Cricket Stadium, Guwahati
India v Netherlands, Greenfield International Stadium, Thiruvananthapuram
Pakistan v Australia, Rajiv Gandhi International Stadium, Hyderabad

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...