Watch : සූර්යකුමාර් දින 26 ක් තුළ සිව්වැනි වරටත් පළමු පන්දුවෙන්ම දැවී ගිය හැටි

Date:

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පිතිකරු සූර්යකුමාර් යාදව් ඊයේ (11) රාත්‍රියේ යළිත් වරක් ලකුණු නොලබා පළමු පන්දුවෙන්ම දැවී ගියා.

ඒ, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගයේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිවයි.

දිල්ලි හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 172 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායම ඉනිමේ අවසන් පන්දුවේ දී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 4 ක් දැවී සිටියදීයි.

මුම්බායි ලකුණු හඹා යාම අතරතුර දී යි සූර්යකුමාර් යාදව් ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේ.

මුම්බායි ඉනිමේ 16 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේ දී ඔහු එලෙස දැවී ගියේ මුකේෂ් කුමාර් යොමු කළ පන්දුවකට කුල්දීප් යාදව් අතට උඩ පන්දුවක් ලබා දීමෙනුයි.

මෙය දින 26 ක කාලයක් තුළ ඔහු පළමු පන්දුවෙන්ම දැවී ගිය සිව්වැනි අවස්ථාව වීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාව සමග පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ දී සූර්යකුමාර් තරග තුනේ දී ම පළමු පන්දුවෙන්ම දැවී ගියා.

මෙවර අයි.පී.එල් තරගාවලියේ දී ද ඔහු මේ දක්වා රැස් කර ගෙන ඇත්තේ පිළිවෙලින් 15 ,1, 0 ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...