කොදෙව් දැවැන්තයාට පුහුණුකරු ධූරයේ දිගුව අහිමි වෙයි

Date:

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු කෝට්නි වෝල්ෂ්ගේ ධූර කාලය දීර්ඝ නොකිරිමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

කාන්තා කණ්ඩායමේ දක්ෂතා පිළිබද සිදු කෙරුණු සමාලෝචනයකින් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව නව පුහුණුකරුවෙකු බදවා ගැනීම සදහා කඩිනමින් කටයුතු ආරම්භ කරන බවයි කොදෙව් ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

තාක්ෂණික සහාය පුහුණුකරුවන් වන Robert Samuels ගේ හා Corey Collymore ගේ ධූර කාලයන් ද දීර්ඝ නොකිරිමට පියවර ගෙන ඇති බව එරට ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සදහන් කර සිටියා.

2020 වසරේ ඔක්තෝබර් මාසයේ දී යි කෝට්නි වොල්ෂ් කොදෙව් කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාර ගනු ලැබුවේ.

ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ කොදෙව් කණ්ඩායම 2022 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගය සදහා සුදුසුකම් ලැබූ නමුත්, එම තරගයේ දී ඔවුන් ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත් වුණා.

කෙ‍ ‍ෙස් වෙතත්, දකුණු අප්‍රිකාවේ දී නිමා වූ කාන්තා 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලැබීමට කොදෙව් කණ්ඩායම සමත් වූයේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...