Watch : සුපිරි පන්දු දෙකකින් පළමු පන්දුවාරයේ දී ම තුෂාර දවා ගත් කඩුලු දෙක

Date:

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගයේ දී විශීෂ්ඨ පන්දුවාරයක් යොමු කරමින් ගෝල් මාර්වල්ස් කණ්ඩායමේ පළමු කඩුලු දෙකම ඉනිමේ පළමු පන්දුවාරයේ දී ම දවා ගැනීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර අද(9) සමත් වුණා.

දඹුල්ලේ දී ආරම්භ වූ තරගයේ පළමුව පන්දුවට පහරදුන් සික්සර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 8 ක් දැවී ලකුණු 160 ක් ලබා ගනිමින්.

චමිදු වික්‍රමසිංහ නොදැවී ලකුණු 56(34) ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී කවිදු නදීෂාන් ලකුණු 16 කට කඩුලු 3 ක් දවා ගත්තා.

ගාලු පිළිතුරු ඉනිමේ පළමු පන්දුවාරයේ දී නුවන් තුෂාර විසින් නිරෝෂන් දික්වැල්ලගේ හා ටිම් සයිෆර්ට්ගේ කඩුලු දවා ගැනීමට සමත් වුණා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...