Watch : තරගය සම්පූර්ණයෙන්ම කණපිට හැරවූ චමිදුගේ සුපිරි ප්‍රහාරය (4, 6, 6, 4, 0, 4)

Date:

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගයේ දී ගෝල් මාර්වල්ස් කණ්ඩායමට එරෙහිව සටන්කාමී අනර්ඝ පිතිහරඹයක නිරත වීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ මැද පෙල පිතිකරු චමිදු වික්‍රමසිංහ අද(9) සමත් වුණා.

දඹුල්ලේ දී ආරම්භ වූ තරගයේ පළමුව පන්දුවට පහරදුන් සික්සර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 8 ක් දැවී ලකුණු 160 ක් ලබා ගනිමින්.

පන්දුවාර 18 ක් අවසානයේ දී ඉනිමේ 8 වැනි කඩුල්ල ලකුණු 122 දී දැවී ගිය පසුබිමකයි සිය කණ්ඩායම එම ලකුණු සංඛ්‍යාව කරා රැගෙන යාමට චමිදු සමත් වුණේ.

ඔහු නොදැවී ලකුණු 56(34) ක් රැස් කළේ හයේ පහර 3 ක් හා හතරේ පහර 6ක් සමගින්.

19 වැනි පන්දුවාරය අවසන් වන තුරු ගාලු කණ්ඩායමේ අණසකට යටත්ව තිබූ මෙම තරගය සම්පූර්ණයෙන් කණපිට හැර වූ චමිදු ඉනිමේ අවසන් පන්දුවාරයේ දී සහූර් ඛාන්ට එරෙහිව ලකුණු 24 ක් වාර්තා කරමින් සිය කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණා.

අවසන් පන්දුවාරයේ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...