Watch : සිරාජ්ගේ සුපිරි පන්දුවකට බට්ලර් ලකුණු බින්දුවේදී ම ගොදුරු වූ හැටි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 32 වැනි තරගයේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් සිරාජ් යොමු කළ පන්දුවක් හමුවේ ලකුණු නොලබා දෙවැනි පන්දුවෙන්ම දැවී යාමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ජොස් බට්ලර්ට අද(23) සිදු වුණා.

බැංගලූරුහි M.Chinnaswamy ක්‍රීඩාංගනයේ දී අද පස්වරුවේ ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 189 ක් රැස් කළා.

රාජස්ථාන් පිල පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී පළමු පන්දුවාරය යොමු කළේ මොහමඩ් සිරාජ් විසින්.

එම පන්දුවාරයේ සිව්වැනි පන්දුවේ දී යි ජොස් බට්ලර් ලකුණු නොලබා සිටියදී දැවී ගියේ. ඒ, සිරාජ්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...