Watch : සියල්ලන් සිනහ ගැන් වූ පාකිස්තානයේ උඩ පන්දු ගිලිහී යාම

Date:

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තෙවැනි තරගය අද(10) පස්වරුවේ දී කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායක බාබර් අසාම් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දුන්නා.

ඉනිමේ පළමු කඩුල්ල සදහා ලකුණු 121 ක සාර්ථක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට රෝහිත් ෂර්මා හා ෂුබ්මන් ගිල් සමත් වුණා.

රෝහිත් ලකුණු 56 ක් ද, ගිල් ලකුණු 58 ක් ද රැස් කළා. එම කඩුලු දෙක පිළිවෙලින් දවා ගත්තේ ශඩාබ් ඛාන් හා ශහීන් අෆ්රිඩි විසින්.

කෙසේ වෙතත්, ඔවුන් දෙදෙනා අතර ගොඩ නැගුණු සම්බන්ධතාවය බිද දැමීමට පාකිස්තාන පන්දු රකින්නන්ට අවස්ථා කිහිපයක්ම ලද නමුත් ඒවා සාර්ථක කර ගැනීමට හැකි වූයේ නැහැ.

ඒ අතරින් ෂුබ්මන් ගිල් ලබා දුන් උඩ පන්දුවක් ස්ලිප් පන්දු රකින්නන් අතින් ගිලිහී යාම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

ඒ, කිසිදු ස්ලිප් පන්දු රකින්නෙකු එම උඩ පන්දුව රැක ගැනීමට උත්සාහ නොකිරීම හේතුවෙන්. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...