ආසියානු කුසලානයේ ප්‍රවේශ පත්‍ර මිල ගණන් තවදුරටත් පහත දැමේ

Date:

මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර මිල ගණන් තවදුරටත් පහත දැමීමට තරගාවලියේ සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

ඒ, තරග නැරඹීම සදහා පැමිණෙන ප්‍රේක්ෂකයින් සංඛ්‍යාව ඉතා පහත අගයක් ගෙන ඇති පසුබිමකයි.

මේ වන විට තරගාවලියේ සුපිරි 4 වටයේ තරග පැවැත්වෙන අතර, එම වටයේ ඉතිරි සියලු තරග පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී යි.

ඒ අනුව පහත සදහන් පරිදි සුපිරි 4 වටයේ තරගවල ප්‍රවේශ පත්‍ර මිල ගණන් පහත දමා තිබෙනවා.

  • C & D Upper Block: රුපියල් 1000
  • C & D Lower Block: රුපියල් 500

අද පස්වරුවේ දී කොළඹ දී ආරම්භ වූ ඉන්දු – පාකිස්තාන තරගයේ ප්‍රවේශ පත්‍ර මිල ගණන් ද ඉහත සදහන් ආකාරයෙන් පහත දමා තිබෙනවා.

කෙසේ වෙතත්, අවසන් මහා තරගයේ ප්‍රවේශ පත්‍ර මිල ගණන්හි සංශෝධනයක් සිදු කර නැහැ.

http://pcb.bookme.pk වෙබ් ලිපිනයට පිවිසීමෙන් හෝ කොළඹ විද්‍යා මාවතේ පිහිටි ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...