Watch : සියල්ලන් මවිතයට පත් කළ හසන් හා වැන් ඩර් ඩසන් රැක ගත් සුපිරි උඩ පන්දුව

Date:

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (3) රාත්‍රියේ පැවැති 19 වැනි තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමේ හසන් අලී හා රසී වැන් ඩර් ඩසන් සමත් වුණා.

කරච්චි කිංග්ස් කණ්ඩායමට එරෙහිව මෙම තරගය පැවැති අතර, තරගයෙන් යුනයිටඩ් කණ්ඩායම කඩුලු 6 ක ජයක් වාර්තා කළා.

රාවල්පින්ඩි හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් කරච්චි කිංග්ස් කණ්ඩායම කඩුලු 5 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 201 ක්.

නායක ඉමාඩ් වසීම් නොදැවී ලකුණු 92 ක් රැස් කළේ පන්දු 54 කින්. ඉර්ෆාන් ඛාන් ලකුණු 30 කට දැවී ගියා. ඔහුගේ කඩුල්ල දවා ගැනීම සදහායි හසන් අලී හා රසී වැන් ඩර් ඩසන් සුපිරි උඩ පන්දුවක් රැක ගනු ලැබුවේ.

හතරේ සීමාව ආසන්නයේ දී පළමුව හසන් අලී විසින් උඩ පන්දුව රැක ගත් අතර, අනතුරුව ඔහුගේ සමබරතාවය ගිලිහී ගොස් ඔහු සීමාවෙන් ඉවතට ඇදී ගියා.

කෙසේ වෙතත්, එම අවස්ථාවේ දී ඔහු ක්ෂණිකව පන්දුව වැන් ඩර් ඩසන් වෙත යොමු කළ අතර, වැන් ඩර් ඩසන් විසින් එය සුරැකිව රැක ගනු ලැබුවා. (දර්ශන පහතින්)

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ යුනයිටඩ් කණ්ඩායම පන්දුවාර 19.2 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

අසාම් ඛාන් පන්දු 41 කින් වේගවත් ලකුණු 72 ක් නොදැවී රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...