අද ඇරඹෙන WPL තරගාවලියේ පළමු තරගයේ වෙනසක්

Date:

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පළමු වරට සංවිධාන කරන කාන්තා ප්‍රිමියර් ලීග් (Women’s Premier League) (WPL) ක්‍රිකට් තරගාවලිය අද (4) ආරම්භ වනවා.

පළමු තරගය පැවැත්වෙන්නේ මුම්බායි ඉන්දියන්ස් කාන්තා කණ්ඩායම හා ගුජරාට් ජයන්ට්ස් කාන්තා කණ්ඩායම අතරයි.

තරගය මීට පෙර රාත්‍රී 7:30ට මුම්බායි හි D Y පටිල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිත බවට නිවේදනය කර තිබුණ ද, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අද නිවේදනය කළේ පළමු තරගය රාත්‍රී 8ට ආරම්භ කිරීමට තීරණය කළ බවයි.

සමාරම්භක උත්සවය පස්වරු 6:25 ට ආරම්භ වන අතර, පස්වරු 4 සිට ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාංගනය වෙත ඇතුළු වීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

පළමු තරගයේ කාසියේ වාසිය පස්වරු 7:30 ට උරගා බැලීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...