Watch : සියල්ලන් මවිතයට පත් කරමින් මෙන්ඩිස් විසින් රෂිඩ්ව දුවද්දී දවා ගත් හැටි

Date:

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 25 වැනි තරගයේ දී එංගලන්ත ක්‍රීඩක අඩිල් රෂීඩ් විශිෂ්ඨ අන්දමින් දුවද්දී දවා ගැනීමකට හසු කර ගැනීමට ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද(26) සමත් වුණා.

තරගය බැංගලූරුහී දී ආරම්භ වූ අතර, තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 33.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 156 ක් පමණයි.

බෙන් ස්ටොක්ස් ලකුණු 43 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී ලහිරු කුමාර කඩුලු 3 ක් දවා ගත්තා.

ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙසයි රෂීඩ් දුවද්දී දවා ගැනීමට මෙන්ඩිස් සමත් වුණේ. ඒ, ශ්‍රී ලංකා හා එංගලන්ත ක්‍රීඩකයින් මෙන්ම ප්‍රේක්ෂකයින් හා විස්තර විචාරකයින් ද පුදුමයට පත් කරමින්.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...