එංගලන්තයට දරුණු පරාජයක් උරුම කරමින් ශ්‍රී ලංකාව දෙවැනි ජය ලබයි

Date:

පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ දක්ෂතා මෙන්ම පැතුම් නිස්සංක හා සධීර සමරවික්‍රම තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ ලකුණු 137* (122) ක සම්බන්ධතාවය හමුවේ මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 25 වැනි තරගයෙන් එංගලන්තය පරදා කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(26) සමත් වුණා. ‍

මෙම ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ සිට 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද ශ්‍රී ලංකාව සමත් වුණා. ශ්‍රී ලංකාව මෙම ජයත් සමග ලෝක කුසලාන එක්දින තරගාවලියන් හී දී අඛණ්ඩව එංගලන්තය 5 වරක් පරාජයට පත් කර තිබීම ද විශේෂත්වයක්.

බැංගලූරුහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 33.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 156 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 25.4 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී (160/2) ජයග්‍රාහී ඉලක්කය පසු කළේ මෙවර තරගාවලියේ දී තමන් ලැබූ දෙවැනි ජය තහවුරු කර ගනිමින්.

කුසල් පෙරේරා ලකුණු 4කටත්, කුසල් මෙන්ඩිස් ලකුණු 11 කටත් දැවී ගිය පසුබිමකයි සධීර හා පැතුම් තෙවැනි කඩුල්ලට ශතක සම්බන්ධතාවයක් ගොඩ නැගුවේ. දැවී ගිය කඩුලු දෙකම දවා ගත්තේ ඩේවිඩ් විලී විසින්.

පිට පිට ලබා ගත් සිව්වැනි අර්ධ ශතකය වාර්තා කළ පැතුම් නොදැවී ලකුණු 77(83) ක් ලබා ගත්තේ හයේ පහර 2 ක් හා හතරේ පහර 7 ක් සමගින්.

සධීර අඛණ්ඩව සිය දෙවැනි අර්ධ ශතකය ද වාර්තා කරමින් නොදැවී ලකුණු 65(54) ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 7 ක් ඇතුළත්.

පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ බෙන් ස්ටොක්ස්. ඔහු ලකුණු 43 ක් රැස් කළ අතර, ජොනී බෙයාර්ස්ටව් ලකුණු 30 කටත්, ඩේවිඩ් මලාන් ලකුණු 28 කටත් දැවී ගියා. මොයීන් අලී ලකුණු 15 යි. ඩේවිඩ් විලී නොදැවී ලකුණු 14 ක් රැස් කළා.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කළ ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 14 කට කඩුලු 2 ක් දවා ගත් අතර, ලහිරු කුමාර කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 35 ක් ලබා දෙමින්. කසුන් රාජිත ලකුණු 36 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

[team_standings 51865]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...