Watch : සිඩ්නි තන්ඩර් ලකුණු 15 ට දැවී ගිය හැටි

Date:

මෙවර බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයේ දී අනපේක්ෂිත වාර්තාවක් සමගින් දරුණු පරාජයක් අත් කර ගැනීමට සිඩ්නි තන්ඩර් කණ්ඩායමට අද(16) සිදු වුණා.

සිඩ්නි හී දී ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති මෙම තරගයේ දී සිඩ්නි තන්ඩර් කණ්ඩායම ලකුණු 15 කට දැවී ගිය අතර, ඒ අනුව මෙම තරගයෙන් ඇඩිලේඩ් කණ්ඩායම ලකුණු 124 ක දැවැන්ත ජයක් වාර්තා කළා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 139 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිඩ්නි පිලේ සියලු දෙනා දැවී ගියේ පන්දුවාර 5.5 ක් තුළ දී යි.

20යි 20 තරගයකදී කණ්ඩායමක් රැස් කළ අවම ලකුණු සංඛ්‍යාව ලෙසයි එය ඉතිහාසගත වුණේ.

කිසිදු පිතිකරුවෙකුට ලකුණු 5 සීමාව ඉක්මවා යාමට නොහැකි වූ අතර, පන්දු යැවීමේ දී Henry Thornton ලකුණු 3 කට කඩුලු 5 ක් දවා ගැනීම කැපී පෙනුණා.

ඔහුට අමතරව Wes Agar ලකුණු 6කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...