Watch : සවුතිගේ දැවැන්ත හයේ පහර ප්‍රේක්ෂකයෙකුගේ තනි අතේ රැදුණු හැටි

Date:

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ දී ප්‍රේක්ෂකයෙකු රැක ගත් සුපිරි උඩ පන්දුවක් වෙත මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

තරගය ක්‍රයිස්චර්ච්හී දී පැවැත්වෙන අතර, අද දිනය සදහා තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 162 ක් ලබා සිටියා.

දිනයේ පළමු කඩුල්ල ලෙස මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 25 කට දැවී යාමෙන් පසුව පිටියට පිවිසි නායක ටිම් සවුති එල්ල කළ හයේ පහරක් රැක ගැනීම සදහායි ප්‍රේක්ෂකයෙකු විසින් මෙම සුවිශේෂී උඩ පන්දුව රැක ගනු ලැබුවේ.

ඔහු තනි අතින් මෙම උඩ පන්දුව රැක ගැනීම හේතුවෙනුයි එය කාගේත් අවධානය දිනා ගැනීමට සමත් වුණේ. (දර්ශන පහතින්)

නවසීලන්ත කණ්ඩායමේ 7 වැනි කඩුල්ල ලෙස නායක ටිම් සවුති දැවී ගියේ ද ලහිරු කුමාර රැක ගත් සුපිරි උඩ පන්දුවක් හේතුවෙනුයි.

Watch : සියල්ලන් මවිතයට පත් කළ ලහිරුගේ සුපිරි උඩ පන්දුව

දැවී යන විට සවුති පන්දු 20 කින් ලකුණු 25 ක් ලබා සිටියේ හයේ පහරක් හා හතරේ පහර 3 ක් සමගින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...