Watch : සියල්ලන් මවිතයට පත් කළ ලහිරුගේ සුපිරි උඩ පන්දුව

Date:

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය මේ වන විට ක්‍රයිස්චර්ච්හී දී පැවැත්වෙනවා.

තරගය අද දිනය සදහා ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 162 ක් ලබා සිටි අතර, දිනයේ පළමු කඩුල්ල ලෙස මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 25 ක් ලබා සිටියදී දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වුණා.

Watch : තෙවැනි දිනයේ පළමු කඩුල්ල ප්‍රභාත් දවා ගත් හැටි

අනතුරුව නවසීලන්ත කණ්ඩායමේ 7 වැනි කඩුල්ල ලෙස නායක ටිම් සවුතිගේ කඩුල්ල දවා ගැනීමට කසුන් රාජිත සමත් වුණා.

ඔහු දැවී යන විට පන්දු 20 කින් ලකුණු 25 ක් ලබා සිටියේ හයේ පහරක් හා හතරේ පහර 3 ක් සමගින්. ලහිරු කුමාර රැක ගත් සුපිරි උඩ පන්දුවක් හේතුවෙනුයි ටිම් සවුතිට යළි ක්‍රීඩාගාරය වෙත හැරී යාමට සිදු වුණේ.

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 7 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 239 ක්. ඒ, ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලබා ගත් ලකුණු 355 ට පිළිතුරු වශයෙන්. ඩැරල් මිචෙල් නොදැවී ලකුණු 71 යි.

ඒ අනුව නවසීලන්තය මේ වන විට පළමු ඉනිමේ දී තවත් ලකුණු 116 ක් පිටුපසින් පසුවනවා.

තණතීරුවට සෘජුව ඉදිරියෙන් ඇති තිරයේ ඇති වූ ගැටලුවක් හේතුවෙන් දිවා ආහාරය නියමිත වේලාවට පෙර ලබා දීමටයි විනිසුරුවන් කටයුතු කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...