Watch : ශෙහාන්ගේ සුපිරි ප්‍රහාරය අපතේ යයි ; ඩිල්ෂාන්ගේ නිව් යෝර්ක් පිලට තියුණු ජයක්

Date:

US Masters T10 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් ශෙහාන් ජයසූරිය ක්‍රීඩා කරන Morrisville Unity කණ්ඩායම පරදා ලකුණු 6ක තියුණු ජයක් වාර්තා කිරීමට තිලකරත්න ඩිල්ෂාන් හා ධම්මික ප්‍රසාද් ක්‍රීඩා කරන New York Warriors කණ්ඩායම මෙරට වේලාවෙන් අද(19) අලුයම සමත් වුණා.

ෆ්ලොරිඩාහි Lauderhill හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ Morrisville කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් New York කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසන් කළේ කඩුලු 3 ක් දැවී ලකුණු 124 ක් ලබා ගනිමින්.

කම්රන් අක්මාල් නොදැවී ලකුණු 24 ක් රැස් කළ අතර, තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 21කට දැවී ගියා. රිචර්ඩ් ලෙවි පන්දු 25 කින් වේගවත් ලකුණු 66 ක් ලබා ගත්තා. හයේ පහර 7ක් හා හතරේ පහර 4 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා. ශහිඩ් අෆ්රිඩි ලකුණු 9යි.

පන්දු යැවීමේ දී Calvin Savage, Obus Pienaar හා කොරේ ඇන්ඩර්සන් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Morrisville කණ්ඩායමට පන්දුවාර 10 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 118 ක් පමණයි.

Obus Pienaar පන්දු 12 කින් ලකුණු 35 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 4 ක් සමගින්.

ශෙහාන් ජයසූරිය පන්දු 10 කින් නොදැවී ලකුණු 28 ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට අවසන් පන්දුවාරයේ දී ද දැඩි උත්සාහක නිරත වූ නමුත්, එය සාර්ථක වූයේ නැහැ. හයේ පහර 2 ක් හා හතරේ පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ශහිඩ් අෆ්රිඩි යොමු කළ අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීමට ලකුණු 28 ක් Morrisville කණ්ඩායමට අවශ්‍ය වූ නමුත්, ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 21 ක් පමණයි. ශෙහාන් ජයසූරිය එම පන්දුවාරයේ දී හයේ පහර 2ක් හා හතරේ පහරක් එල්ල කිරීමට සමත් වුණා.

අවසන් පන්දුවේ දී ඔවුන්ට තරගයේ ලකුණු ප්‍රමාණය සම මට්ටමකට ගෙන ඒමට හයේ පහරක් එල්ල කිරීමට අවශ්‍ය වූ නමුත්, ජයසූරියට එම පන්දුවේ දී කිසිදු ලකුණක් රැස් කිරීමට හැකි වූයේ නැහැ. ( අවසන් පන්දුවාරයේ දර්ශන පහතින් )

පන්දු යැවීමේ දී Umaid Asif ලකුණු 22 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ධම්මික ප්‍රසාද් ලකුණු 8කට කඩුලු 2 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...