හම්බන්තොට හා කොළඹ එක්දින තරග 3 නොමිලේ

Date:

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ඇෆ්ඝනිස්තානය හා පාකිස්තානය අතර තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය නොමිලේ නැරඹීම සදහා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලබා දී ඇති බව ඇෆ්ඝනිස්තාන හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන අද(18) නිවේදනය කළා.

තරගාවලිය සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් මේ වන විටත් ඇෆ්ඝනිස්තාන හා පාකිස්තාන කණ්ඩායම් දිවයිනට පැමිණ තිබෙනවා.

එක්දින තරගාවලිය අගෝස්තු 22 වැනිදා සිට මෙරට ක්‍රීඩාංගන දෙකකදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

දෙවැනි එක්දින තරගය අගෝස්තු 24 වැනිදා ද, තෙවැනි එක්දින තරගය අගෝස්තු 26 වැනිදා ද පැවැත්වීමට නියමිතයි.

පළමු එක්දින තරග දෙක හම්බන්තොට දී පැවැත්වීමට නියමිත අතර, තෙවැනි හා අවසන් එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ද මෙම එක්දින තරගාවලිය අවසන් වී දින 4කින්, එනම් අගෝස්තු 30 වැනිදා සිට පාකිස්තානයේ දී හා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...