Watch : ශ්‍රී ලංකාව වෙනුවෙන් ගහපු තෙවැනි වේගවත්ම අර්ධ ශතකය මෙන්ඩිස්ගේ පිත්තෙන්

Date:

ශ්‍රී ලංකාව වෙනුවෙන් පිතිකරුවෙකු එක්දින ජාත්‍යන්තර තරගයකදී වාර්තා කළ තෙවැනි වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට මුල්පෙල පිතිකරු කුසල් මෙන්ඩිස් ඊයේ (26) රාත්‍රියේ සමත් වුණා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදීයි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගයේ එක් ඉනිමක් පන්දුවාර 23 කට සීමා කිරීමට සිදු වූ අතර, එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 23 අවසන් කළේ කඩුලු 3 ක් දැවී ලකුණු 156 ක් ලබා ගනිමින්.

වේගවත් ඉනිමක් දියත් කළ කුසල් මෙන්ඩිස් පන්දු 22 කින් ලකුණු 56 ක් නොදැවී ලබා ගත්තා. ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 9ක් ඇතුළත් වුණා. කුසල් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේ පන්දු 19 කින්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම අර්ධ ශතකය වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු, වත්මන් ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය හා කුසල් පෙරේරා විසිනුයි.

ජයසූරිය 1996 වසරේ දී පන්දු 17 කින් පාකිස්තානයට එරෙහිව සිය අර්ධ ශතකය සම්පූර්ණ කර ගනිමින් අදාළ වාර්තාවට හිමිකම් කියන අතර, කුසල් පෙරේරා 2015 වසරේ දී පාකිස්තානයට එරෙහිවම පන්දු 17 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කරමින් මෙම වාර්තාවට උරුමකම් කියනු ලබනවා.

2015 වසරේ දී ඒබී ඩි විලියර්ස් විසින් කොදෙව්වන්ට එරෙහිව පන්දු 16 කින් අර්ධ ශතකය වාර්තා කරන තුරුම ලොව වේගවත්ම එක්දින අර්ධ ශතකය ලෙස වාර්තා අතරට එක්ව තිබුණේ ද සනත් ජයසූරිය පන්දු 17 කින් ලබා ගත් අර්ධ ශතකයයි.

මෙන්ඩිස්ගේ ඉනිම පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...