Watch : ශශාන්ක් හයේ පහර 3කින් ඉනිම අවසන් කළ හැටි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 40 වැනි තරගය අද(27) රාත්‍රියේ ආරම්භ වුණා. ඒ, සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම හා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 195ක් ලබා ගත්තා.

නායක කේන් විලියම්සන් ලකුණු 5කටත්, රාහුල් ත්‍රිපාති ලකුණු 16කටත් දැවී ගියා.

අනතුරුව අභිෂේක් ෂර්මා ලකුණු 65ක් හා ඒඩ්න් මාක්‍රම් ලකුණු 56ක් රැස් කරමින් ඉනිම ස්ථාවර කළා.

ඉනිමට වේගවත් අවසානයක් ගෙන දුන් ශශාන්ක් සිං පන්දු 6කින් ලකුණු 25ක් ලබා ගත්තා.

ලොකී ෆර්ගසන් යොමු කළ සන්රයිසස් ඉනිමේ අවසන් පන්දුවාරයේ දී හයේ පහර 4ක් සමග ලකුණු 25ක් වාර්තා වීම කැපී පෙනුණා.

එම පන්දුවාරයේ අවසන් පන්දු 3ට ශශාන්ක් සිං හයේ පහර 3ක් එල්ල කිරීම විශේෂත්වයක්. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...