Watch : ව්රිධිමන් දවා ගැනීමට මලික් යොමු කළ පැයට කි.මී.153 සුපිරි යෝකර් පන්දුව

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී පන්දු යවන්නෙකු දැක් වූ හොදම පන්දු යැවීමේ දක්ෂතාවය ප්‍රදර්ශනය කිරීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක උම්රාන් මලික් අද(27) සමත් වුණා.

ඒ, මෙවර අයි.පී.එල් තරගාවලියේ 40 වැනි තරගයේ දී යි.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරගයේ දී සන්රයිසස් කණ්ඩායමේ ප්‍රතිවාදීන් වුණේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 195ක් ලබා ගත්තා.

ගුජරාට් කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී විශීෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 5ක් දවා ගැනීමට උම්රාන් මලික් සමත් වුණා.

ගුජරාට් ඉනිමේ පළමු කඩුලු පහම දවා ගත්තේ ඔහු විසින් වීම ද කැපී පෙනුණා.

උම්රාන් මලික් මෙම තරගයේ දී ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 25ක් පමණයි.

ඔහු දවා ගත් කඩුලු අතරින් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් කඩුල්ල බවට පත් වුණේ ව්රිධිමන් සහාගේ කඩුල්ලයි.

ලකුණු 68ක් ලබා සිටි ඔහුව දවා ගැනීම සදහා උම්රාන් මලික් පැයට කිලෝ මීටර් 153කට ආසන්න වේගයකින් සුපිරි යෝකර් පන්දුවක් යොමු කරනු ලැබුවා. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...