Watch : වෝනර් දවා ගත් චමීරගේ සුපිරි කෙටි පන්දුව

Date:

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තෙවැනි එක්දින ක්‍රිකට් තරගය මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

මෙම තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදු කර ඇති අතර, ඒ අනුව ධනුෂ්ක ගුණතිලක පාදයක ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් ඔහු වෙනුවට නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙම තරගය සදහා වෙනස්කම් 3ක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ආබාධයකට ලක් වූ ස්ටීවන් ස්මිත් වෙනුවට මිචෙල් මාෂ් කණ්ඩායමට කැදවා ඇති අතර, කැමරන් ග්‍රීන් හා ජයි රිචර්ඩ්සන් ද කණ්ඩායමේ ස්ථාන හිමි කර ගෙන තිබෙනවා.

පැට් කමින්ස් හා මිචෙල් ස්වෙප්සන් කණ්ඩායමෙන් ඉවත් කිරිමටයි තීරණය කර ඇත්තේ.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු කඩුල්ල මුළු ලකුණු සංඛ්‍යාව 14ක්ව තිබියදී බිද වැටුණා.

ඒ, ඩේවිඩ් වෝනර් ලකුණු 9කට දවා ගැනීමට දුෂ්මන්ත චමීර සමත්වීමත් සමගයි.

දුෂ්මන්ත යොමු කළ කෙටි පන්දුවක් හමුවේ වෝනර් දැවී ගියේ මහීෂ් තීක්ෂණ අතට උඩ පන්දුවක් ලබා දීමෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...