ඉන්දීය කාන්තා කණ්ඩායම දිවයිනට

Date:

ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ(18) රාත්‍රී කාලයේ ද දිවයිනට පැමිණියා.

මෙම තරග සංචාරයේ දී ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර 20යි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

20යි 20 තරගාවලිය රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ද, එක්දින තරගාවලිය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඉන්දීය කාන්තා එක්දින කණ්ඩායමේ නව නායිකාව ලෙස මෙම තරගාවලියේ දී Harmanpreet Kaur කටයුතු කරනවා.

ඒ, මෙතෙක් ඉන්දීය කාන්තා එක්දින කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පිතිකාරිණියක වන මිතාලි රාජ් පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කිරීම හේතුවෙන්.

දෙරට අතර පැවැත්වෙන පළමු 20යි 20 තරගය එළඹෙන 23 වැනිදා පැවැත්වෙන අතර, එක්දින තරගාවලිය ආරම්භ වන්නේ ජූලි පළමු වැනිදායි.

India’s ODI squad: Harmanpreet Kaur (Captain), Smriti Mandhana (VC), Shafali Verma, Yastika Bhatia (wk), S Meghana, Deepti Sharma, Poonam Yadav, Rajeshwari Gayakwad, Simran Bahadur, Richa Ghosh (wk), Pooja Vastrakar, Meghna Singh, Renuka Singh, Taniya Bhatia (wk), Harleen Deol.
India’s T20I squad: Harmanpreet Kaur (Captain), Smriti Mandhana (VC), Shafali Verma, Yastika Bhatia (wk), S Meghana, Deepti Sharma, Poonam Yadav, Rajeshwari Gayakwad, Simran Bahadur, Richa Ghosh (wk), Pooja Vastrakar, Meghna Singh, Renuka Singh, Jemimah Rodrigues, Radha Yadav.
SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...