Watch : විශිෂ්ඨ පන්දු යැවීමක් සමග විශ්ව දවා ගත් කඩුලු පහ මෙන්න

Date:

බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලියේ (County Championship Division Two) 28 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු පහක් දවා ගැනීමට Yorkshire ප්‍රාන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු සමත් වුණා.

Northampton හී දී පැවැති මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ Northamptonshire කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Yorkshire කණ්ඩායම ලකුණු 362 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස Northamptonshire කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාව 301 ක්.

එහිදී විශ්ව ප්‍රනාන්දු පන්දුවාර 19 ක් යොමු කරමින් ලකුණු 48 කට කඩුලු 4 ක් දවා ගත්තා.

Yorkshire කණ්ඩායම සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 6ක් දැවී ලකුණු 264 ක් ලබා සිටියදීයි. ඒ, Northamptonshire කණ්ඩායමට ජයග්‍රහනය සදහා ලකුණු 326 ක ඉලක්කයක් ලබා දෙමින්.

තරගයේ සිව්වැනි හා අවසන් දිනය ඊයේ(27) නිමා වන විට Northamptonshire කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 250 ක් ලබා සිටියා. ඒ අනුව තරගය නිමා වුණේ ජය පරාජයෙන් තොරවයි.

දෙවැනි ඉනිමේ දී විශ්ව ප්‍රනාන්දු පන්දුවාර 10 ක් යොමු කළ අතර, එහිදී ඔහු ලකුණු 26 කට කඩුල්ලක් බිද හෙලුවා.

විශ්ව ප්‍රානාන්දු දවා ගත් කඩුලු පහේ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...