ලෝක කුසලානය අභියස බට්ලර්ට පීතෘ නිවාඩු අනුමත වෙයි

Date:

එංගලන්ත නායක ජොස් බට්ලර් පීතෘ නිවාඩු ලබා ගැනීම හේතුවෙන් පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වී තිබෙනවා.

පාකිස්තානය සමග බර්මිංහැම්හි පැවැති දෙවැනි විස්සයි 20 තරගයෙන් එංගලන්තය ලකුණු 23 ක ජයක් වාර්තා කිරීමෙන් පසුව බට්ලර් ලන්ඩන් නුවර සිය නිවස වෙත පිටත්ව ගොස් ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

දෙරට අතර පැවැති පළමු විස්සයි 20 තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණු අතර, ඒ අනුව මේ වන විට තරග 4කින් යුත් විස්සයි 20 තරගාවලිය තරග 1-0ක් ලෙස එංගලන්තය ඉදිරියෙන් පසුවනවා.

බට්ලර් හා ඔහුගේ බිරිද Louise මේ වන විට ඔවුන්ගේ තෙවැනි දරු උපත අපේක්ෂාවෙන් පසුවන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ඔහු පාකිස්තානයට එරෙහි අවසන් විස්සයි 20 තරගය ක්‍රීඩා කරන්නේ ද යන්න සම්බන්ධයෙන් ද මෙතෙක් නිල තොරතුරු වාර්තා වන්නේ නැහැ.

කෙසේ වෙතත්, සිකුරාදා දිනයේ දී එංගලන්ත සංචිතයේ සෙසු සාමාජිකයින් සමග ඔහු විස්සයි 20 ලෝක කුසලානය වෙනුවෙන් කැරිබියන් දූපත් වෙත පිටත්ව යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මේ අතර, බට්ලර් නොමැති වීම හේතුවෙන් තෙවැනි විස්සයි 20 තරගයේ දී වැඩබලන නායකයා ලෙස උප නායක මොයීන් අලී කටයුතු කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...