2023 අයි.සී.සී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ තෙවැනි තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක චරිත් අසලංක අද(19) සමත් වුණා.
බුලවායෝ හි Queens Sports Club ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් අද පස්වරු 12.30ට ආරම්භ තරගයේ දී මෙම තරගයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමයි.
තරගයේ කාසියේ වාසිය දිනූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 355 ක් ලබා ගත්තා.
එමීර් කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී නායක මුහම්මද් වසීම්ගේ කඩුල්ල දවා ගැනීම සදහායි අසලංක සුපිරි උඩ පන්දුවක් රැක ගනු ලැබුවේ.
වනිදු හසරංගගේ පන්දුවක් හමුවේ ඔහු දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 39 ක්.
— CricDaily24 (@cricday96) June 19, 2023

